Showing posts with label Kavi. Show all posts
Showing posts with label Kavi. Show all posts

Friday, October 19, 2007

කුමරියගෙ ලස්සන

දවසක් රජතුමාගේ දියණිය රං කලයකට වතුර පුරවා උකුලේ තබාගෙන රජමාලිගයට එනවා දැක්ක අන්දරේ කව්යකින් ඇයට මෙහෙම කිව්වා.

කටකොට කලේ දිය උකුලේ තබා ගෙන
ලොටතන දෙකක් රෙදි කඩකින් වසා ගෙන
තඹ පිත්තල වලින් අභරණ පැලද ගෙන
රොඩී කෙල්ල කොහි යනවද උදෑ සන


මේක ඇහුන කුමරියට හොදටම තරහා ගියා. පස්සෙ කුමරිය මොකද කරන්නෙ තමා රොඩීකෙල්ලක් යැයි කියා අන්දරේ අපහාස කල බවට රජතුමාට පැමිණිලි කලා. රජතුමත් වහාම රාජ පුරුෂයන් යවලා අන්දරේ ගෙන්නගෙන කුමරිට අපහාස කලේ ඇයිද කියලා හරි කේන්තියෙන් අන්දරේගෙන් ඇහුවා.

අන්දරේ රජතුමාට වැදලා එ‍හෙම

“අනේ දේවයන් වහන්ස මේවගේ ලස්සන රාජ කන්‍යාවක් මම රොඩී කෙල්ලක් යැයි ‍කියන්නෙ කොහොමද? මම එතුමියගෙ ගුණ හා ලස්සන වර්ණනා කලා මිස වෙන යමක් නොකීවෙමි”

“මම එය කවියකින් කීවෙමි එතුමියට එය තේරුම් ගැනීමට නොහැකිවූවා සේ පෙනෙයි දැන් ඔබ ඉදිරියෙහිදී වුවත් මට ඒ කවිය කිය හැකිය එහි වරදක් ඇද්දයි ඔබතුමාම බැලුව මැනව”

කී අන්දරේ පෙරකී කවිය වෙනස් කර මෙහෙම කිව්වා.

රං රං කලේ දිය උකුලේ තබා ගෙන
රං කුඹු දෙකක් සළු පටකින් වසා ගෙන
රිදිත් රත්තරං දෙවගේ පැලද ගෙන
මල්මද බිසව කොහි යනවද උදෑ සන


මේක ඇහුව රජතුමා බොහෝම සතුටුවෙලා තෑගි බෝග එහමත් දීලා තමයි අන්දරේ පිටත් කොලේ ඕං......

Thursday, October 18, 2007

අන්දරේ කිව් කවියක්

රූමත් ස්ත්‍රියක් දිය නාන ස්ථානයකින් යන අන්දරේ ඇය දෙස බලා මේ කවිය කීය.

හිරකර ඇතත් තන පට තද කරම් බැද
දුරටම මට පෙනුනි නුඹෙ රං තැඹිලි කද
කරදර කරති මට මා‍ගේ කිපුනු මද
නරකද මාත් නා‍ගත්තොත් එකට හිද

Monday, October 8, 2007

ලොකුම බොරුව

අන්දරේගෙ කාලෙ හිටපු රජතුමාත් අන්දරේ වගේම තමයි. එතුමා විහිළු තහළු වලට බොහොම මනාපයි.
ඉතිං දවසක්දා අමාත්‍ය මණ්ඩලය රැස් වුන වෙලාවක රජතුමා කියනවා "හෙට හැමදෙනාම එක බොරුව බැගින් කියන්ට වුවමනායි, ලොකුම බොරුව කිව් තැනත්තාට වටිනා ත්‍යාගයක් දෙනවා" කියලා. මේ වෙලාවෙ අන්දරේ රාජ සභාවෙ හිටියෙ නෑ. ඉතිං අමාත්‍යවරුටික ගෙදර ගෙහුං මොකද කරන්නෙ තෑග්ග ගන්ට හිතාන රෑ නිදිවරාණ රටේ ලෝකෙ නැති ‍බොරු ‍‍‍බේගල් කල්පනා කොරා. ඒ අතින් ඉස්සර හිටපු ඇත්තො අනේ වාසනාවන්. බොරුවක් කියාගන්ට ‍බොහෝම දුක් විදලා තියනවා. ඒකටත් එක්ක දැං ඉන්න අය. ඕං ඉතිං කතාවෙන් පිට පැන්නා. ඉතිං කොහොම හරි පහුවදා රාජ සභාව රැස්වුනා කියමුකො‍. අන්දරෙත් ආවා. පස්සෙ ඉතිං මේ ඇමතිවරු ටික රාජ නියෝගය පරිදි ‍නමෝවිත්තියෙන් බොරු කීම ආරම්භකලා. අන්දරෙත් මොකද කරන්නෙ මේ ගල් පැලෙන බොරු අහගෙන හිනහ වෙවී හිටියා. කට්ටියම බොරු කියලා අහවර වුනාට පස්සේ අන්දරේ රජතුමා ලගට ගෙහුං වැද “දේවයන්වහන්ස මටත් යමක් කීමට අවසරදැයි” අසා සිටියා.
“ඔව් ‍තොපටත් යමක් ඇත්නම් කියවැයි” රජතුමා පිළිතුරු දුන්නා.
පස්සෙ අන්දරේ එවෙලේම ගොතාගත් කවියකින් මෙහෙම දෙයක් කිව්වා.

රජකම් කලත් ඉදගෙන සිහසුනක මත
ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත
ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත
මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත


අන්දරේ මෙය කියා අවසන් වනවත් එක්කම මුළු රාජ සභාවම කලබල තත්වයක‍ට පත්වුනා. රජතුමා ඇතුළු තමනුත් ගොන් රැලක් යැයි පැවසූ අන්දරේ රාජ උදහසට ලක් වියයුතු බව රජු හැර අනෙක් සියළුදෙනා ඒකමතිකව තීරණය කලා. ඒත් රජතුමා මහ හඩින් හිනාවෙලා
“අන්න හරි අන්දරේටයි තෑග්ග. මේ තරම් විශාල බොරුවක් කව්රුත් කිව්වෙ නැහැ. මගේ රාජ සභාවෙහි සිටින්නේ ගොන් රැලක් වගද මමද නින්දිත කැත අධමයෙක් යයි කීම අදහාගත නොහැකි බොරුවක්” යැයි කීයා අන්දරේට තෑග්ග බාර දුන්නා.

Saturday, October 6, 2007

අන්‌දරේ ගැන එච්.එ.එස්.පෙරේරා මහතා ලියූ කවි

1964 දි පමණ “අන්‌දරේ‍ගේ විහිළු” නමින්‌ පොතක්‌ ලියා ඇති එච්‌.එ.එස්‌.පෙරේරා මහතා එහි හැඳින්වීම සඳහා ලියා ඇති පද්‍ය කිහිපයකි මේ.

මව ඉදිරියේ උනිලු දවසක්‌ ගො‍නෙකු ලෙස
දිය යට සිටද කවි කී‍වෙලු විකට රස
මහරජ කෙනෙකු හට පද්‌දදා නමැති බස
කාහට කිව හැකිද මේ අන්‌ද‍රෙට මිස

ඉබ්‌බකු ‍ලෙසය මහරජ මට නම්‌ පෙනුනේ
යනු‍වෙන්‌ රජුට ඉබ්‌බා යයි නම තැනුනේ
කරවිල කොහොඹ ‍මෙනි යන උපමා වැනුනේ
මොහු‍ගෙන්‌ ‍ලෙසයි අද අප කාටත්‌ පෙනුනේ

අමුඩය නොගහ බැරිබව වී වපුරන්‌ට
කී‍වෙලු කවියකින්‌ අන්‌ද‍රෙ ගැහැණුන්‌ට
වෙල්‌එලියක පලා ‍නෙලමින්‌ සිටිඋන්‌ට
අන්‌ද‍රෙ අඬ ගැසූ‍වෙලු පනනට ගන්‌ට

මහ රජ තුමාගේ පොල්‌පැල බැලුව හැටී
රජ බිස කෑගැස්‌සූ පිළි‍වෙල බොහොම වටී
කෑහැටි සීනි පස්‌ කියමින්‌ මිඳු‍ලෙ වැටී
සිහිකර වඟුරුවති ‍හෙල දන සිනහ කැටී

රජවාසලට ‍ගෙන්වූ හැටි හල්‌ පිට්‌ටූ
ඇඬු හැටි කදුරුගෙඩි යුවලට වී කිට්‌ටූ
අදිකාරම්‌‍ගෙ නිදිමත කල හැටි මට්‌ටූ
අද දක්‌වා සිනාසේ සිහිකර රට්‌ටූ

ලොට තන ‍දකෙත්‌ ‍ගෙරි සමකින්‌ වසාගෙන
යනු‍වෙන්‌ කවිකියූ හැටි ඔබ හිනා යන
මංගල දින‍යෙ මනමාලිය බලාගෙන
හරි ලස්සනයි කවි කියු හැටි එදා දින

පුදුමයි සාක්‌කිය කීහැටි දෙපැත්‌තට
පැටවූ හැටි හො‍ඳට කජුමුල්‌ කරත්‌‍තෙට
ගැහැණුන්‌ අල්‌ලමින්‌ ඔසරිය ඉවත්‌කොට
තනමැන ගත්‌ දිනය සිහි‍වෙයි අදත්‌ මට

හෝදිසියක්‌ මය රජුගේ ඔළුව උඩ
මියුරැ විදිය කිය විය යුතු සිනහ මැඬ
නොදිවිමි ජම්‌බු යනු‍වෙන්‌ දිවුරුමේ හැඩ
සිහිකර සිනාසෙමු මේ ඉල කැඩෙන වැඩ

මහ සමුදුරේ පිහිනා ජය ලැබීමට
බලවන්‌තයකු සමඟින්‌ පොර බැදීමට
රත්‌කල අඟුරැ කොකු සඟනට පිදීමට
අන්‌දරෙ බොහොම සමතෙකු බව පෙනේ මට

දොර වැසු විදිය සිය බිරිඳව දොට්‌ට දමා
දමාකෑහැටි මිරිස්‌ මාළුව ‍නෙත්‌ කඳුළු තෙමා
ඔක්‌කොම කිකිළියෝ කුකුළා මමම තමා
කීහැටි සිනාසෙන්නට හොඳ කරැණු තමා

බිසවුන් හට කලත් කවියෙන් අපහාස
කිසිදින ලැබුවෙ නැහැ මහ රජු‍ගෙන්‌ දෝස
මහ රජු හට පවා කිචි කිචි උපහාස
සිහිකර සිනාසෙති ‍පෙරලා පුටු මේස