දවසක් රජතුමාගේ දියණිය රං කලයකට වතුර පුරවා උකුලේ තබාගෙන රජමාලිගයට එනවා දැක්ක අන්දරේ කව්යකින් ඇයට මෙහෙම කිව්වා.
කටකොට කලේ දිය උකුලේ තබා ගෙන
ලොටතන දෙකක් රෙදි කඩකින් වසා ගෙන
තඹ පිත්තල වලින් අභරණ පැලද ගෙන
රොඩී කෙල්ල කොහි යනවද උදෑ සන
මේක ඇහුන කුමරියට හොදටම තරහා ගියා. පස්සෙ කුමරිය මොකද කරන්නෙ තමා රොඩීකෙල්ලක් යැයි කියා අන්දරේ අපහාස කල බවට රජතුමාට පැමිණිලි කලා. රජතුමත් වහාම රාජ පුරුෂයන් යවලා අන්දරේ ගෙන්නගෙන කුමරිට අපහාස කලේ ඇයිද කියලා හරි කේන්තියෙන් අන්දරේගෙන් ඇහුවා.
අන්දරේ රජතුමාට වැදලා එහෙම
“අනේ දේවයන් වහන්ස මේවගේ ලස්සන රාජ කන්‍යාවක් මම රොඩී කෙල්ලක් යැයි කියන්නෙ කොහොමද? මම එතුමියගෙ ගුණ හා ලස්සන වර්ණනා කලා මිස වෙන යමක් නොකීවෙමි”
“මම එය කවියකින් කීවෙමි එතුමියට එය තේරුම් ගැනීමට නොහැකිවූවා සේ පෙනෙයි දැන් ඔබ ඉදිරියෙහිදී වුවත් මට ඒ කවිය කිය හැකිය එහි වරදක් ඇද්දයි ඔබතුමාම බැලුව මැනව”
කී අන්දරේ පෙරකී කවිය වෙනස් කර මෙහෙම කිව්වා.
රං රං කලේ දිය උකුලේ තබා ගෙන
රං කුඹු දෙකක් සළු පටකින් වසා ගෙන
රිදිත් රත්තරං දෙවගේ පැලද ගෙන
මල්මද බිසව කොහි යනවද උදෑ සන
මේක ඇහුව රජතුමා බොහෝම සතුටුවෙලා තෑගි බෝග එහමත් දීලා තමයි අන්දරේ පිටත් කොලේ ඕං......
Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts
Friday, October 19, 2007
Thursday, October 18, 2007
අන්දරේ කිව් කවියක්
රූමත් ස්ත්‍රියක් දිය නාන ස්ථානයකින් යන අන්දරේ ඇය දෙස බලා මේ කවිය කීය.
හිරකර ඇතත් තන පට තද කරම් බැද
දුරටම මට පෙනුනි නුඹෙ රං තැඹිලි කද
කරදර කරති මට මාගේ කිපුනු මද
නරකද මාත් නාගත්තොත් එකට හිද
හිරකර ඇතත් තන පට තද කරම් බැද
දුරටම මට පෙනුනි නුඹෙ රං තැඹිලි කද
කරදර කරති මට මාගේ කිපුනු මද
නරකද මාත් නාගත්තොත් එකට හිද
Monday, October 8, 2007
ලොකුම බොරුව
අන්දරේගෙ කාලෙ හිටපු රජතුමාත් අන්දරේ වගේම තමයි. එතුමා විහිළු තහළු වලට බොහොම මනාපයි.
ඉතිං දවසක්දා අමාත්‍ය මණ්ඩලය රැස් වුන වෙලාවක රජතුමා කියනවා "හෙට හැමදෙනාම එක බොරුව බැගින් කියන්ට වුවමනායි, ලොකුම බොරුව කිව් තැනත්තාට වටිනා ත්‍යාගයක් දෙනවා" කියලා. මේ වෙලාවෙ අන්දරේ රාජ සභාවෙ හිටියෙ නෑ. ඉතිං අමාත්‍යවරුටික ගෙදර ගෙහුං මොකද කරන්නෙ තෑග්ග ගන්ට හිතාන රෑ නිදිවරාණ රටේ ලෝකෙ නැති බොරු බේගල් කල්පනා කොරා. ඒ අතින් ඉස්සර හිටපු ඇත්තො අනේ වාසනාවන්. බොරුවක් කියාගන්ට බොහෝම දුක් විදලා තියනවා. ඒකටත් එක්ක දැං ඉන්න අය. ඕං ඉතිං කතාවෙන් පිට පැන්නා. ඉතිං කොහොම හරි පහුවදා රාජ සභාව රැස්වුනා කියමුකො. අන්දරෙත් ආවා. පස්සෙ ඉතිං මේ ඇමතිවරු ටික රාජ නියෝගය පරිදි නමෝවිත්තියෙන් බොරු කීම ආරම්භකලා. අන්දරෙත් මොකද කරන්නෙ මේ ගල් පැලෙන බොරු අහගෙන හිනහ වෙවී හිටියා. කට්ටියම බොරු කියලා අහවර වුනාට පස්සේ අන්දරේ රජතුමා ලගට ගෙහුං වැද “දේවයන්වහන්ස මටත් යමක් කීමට අවසරදැයි” අසා සිටියා.
“ඔව් තොපටත් යමක් ඇත්නම් කියවැයි” රජතුමා පිළිතුරු දුන්නා.
පස්සෙ අන්දරේ එවෙලේම ගොතාගත් කවියකින් මෙහෙම දෙයක් කිව්වා.
රජකම් කලත් ඉදගෙන සිහසුනක මත
ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත
ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත
මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත
අන්දරේ මෙය කියා අවසන් වනවත් එක්කම මුළු රාජ සභාවම කලබල තත්වයකට පත්වුනා. රජතුමා ඇතුළු තමනුත් ගොන් රැලක් යැයි පැවසූ අන්දරේ රාජ උදහසට ලක් වියයුතු බව රජු හැර අනෙක් සියළුදෙනා ඒකමතිකව තීරණය කලා. ඒත් රජතුමා මහ හඩින් හිනාවෙලා
“අන්න හරි අන්දරේටයි තෑග්ග. මේ තරම් විශාල බොරුවක් කව්රුත් කිව්වෙ නැහැ. මගේ රාජ සභාවෙහි සිටින්නේ ගොන් රැලක් වගද මමද නින්දිත කැත අධමයෙක් යයි කීම අදහාගත නොහැකි බොරුවක්” යැයි කීයා අන්දරේට තෑග්ග බාර දුන්නා.

Subscribe to:
Posts (Atom)