1964 දි පමණ “අන්‌දරේගේ විහිළු” නමින් පොතක් ලියා ඇති එච්.එ.එස්.පෙරේරා මහතා එහි හැඳින්වීම සඳහා ලියා ඇති පද්‍ය කිහිපයකි මේ.
මව ඉදිරියේ උනිලු දවසක් ගොනෙකු ලෙස
දිය යට සිටද කවි කීවෙලු විකට රස
මහරජ කෙනෙකු හට පද්‌දදා නමැති බස
කාහට කිව හැකිද මේ අන්‌දරෙට මිස
ඉබ්‌බකු ලෙසය මහරජ මට නම් පෙනුනේ
යනුවෙන් රජුට ඉබ්‌බා යයි නම තැනුනේ
කරවිල කොහොඹ මෙනි යන උපමා වැනුනේ
මොහුගෙන් ලෙසයි අද අප කාටත් පෙනුනේ
අමුඩය නොගහ බැරිබව වී වපුරන්‌ට
කීවෙලු කවියකින් අන්‌දරෙ ගැහැණුන්‌ට
වෙල්‌එලියක පලා නෙලමින් සිටිඋන්‌ට
අන්‌දරෙ අඬ ගැසූවෙලු පනනට ගන්‌ට
මහ රජ තුමාගේ පොල්‌පැල බැලුව හැටී
රජ බිස කෑගැස්‌සූ පිළිවෙල බොහොම වටී
කෑහැටි සීනි පස් කියමින් මිඳුලෙ වැටී
සිහිකර වඟුරුවති හෙල දන සිනහ කැටී
රජවාසලට ගෙන්වූ හැටි හල් පිට්‌ටූ
ඇඬු හැටි කදුරුගෙඩි යුවලට වී කිට්‌ටූ
අදිකාරම්‌ගෙ නිදිමත කල හැටි මට්‌ටූ
අද දක්‌වා සිනාසේ සිහිකර රට්‌ටූ
ලොට තන දකෙත් ගෙරි සමකින් වසාගෙන
යනුවෙන් කවිකියූ හැටි ඔබ හිනා යන
මංගල දිනයෙ මනමාලිය බලාගෙන
හරි ලස්සනයි කවි කියු හැටි එදා දින
පුදුමයි සාක්‌කිය කීහැටි දෙපැත්‌තට
පැටවූ හැටි හොඳට කජුමුල් කරත්‌තෙට
ගැහැණුන් අල්‌ලමින් ඔසරිය ඉවත්‌කොට
තනමැන ගත් දිනය සිහිවෙයි අදත් මට
හෝදිසියක් මය රජුගේ ඔළුව උඩ
මියුරැ විදිය කිය විය යුතු සිනහ මැඬ
නොදිවිමි ජම්‌බු යනුවෙන් දිවුරුමේ හැඩ
සිහිකර සිනාසෙමු මේ ඉල කැඩෙන වැඩ
මහ සමුදුරේ පිහිනා ජය ලැබීමට
බලවන්‌තයකු සමඟින් පොර බැදීමට
රත්‌කල අඟුරැ කොකු සඟනට පිදීමට
අන්‌දරෙ බොහොම සමතෙකු බව පෙනේ මට
දොර වැසු විදිය සිය බිරිඳව දොට්‌ට දමා
දමාකෑහැටි මිරිස් මාළුව නෙත් කඳුළු තෙමා
ඔක්‌කොම කිකිළියෝ කුකුළා මමම තමා
කීහැටි සිනාසෙන්නට හොඳ කරැණු තමා
බිසවුන් හට කලත් කවියෙන් අපහාස
කිසිදින ලැබුවෙ නැහැ මහ රජුගෙන් දෝස
මහ රජු හට පවා කිචි කිචි උපහාස
සිහිකර සිනාසෙති පෙරලා පුටු මේස
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment