
ඔව්….. මේ කියන්නේ අපි කව්රුත් දන්න කවට අන්දරේ ගැන තමයි.මාතර දික්වැල්ලේ උපන් අන්දරේ අපේ ජනකතා සාහිත්‍යයෙහි එන එක් සුවිශේෂී චරිතයක්. අන්දරේ සැමවිටම විහිළු තහළු එවෙලෙහිම ගොතාගත් කවියකින් ප්‍රකාශකිරීමට උපන් හපන්කමක් දැක්වූවෙකි. අන්දරේ ජීවත් වූ කාලයෙහි (ක්‍රි.ව 1780-1798) මහනුවර රජ කල රාජාදිරාජසිංහ රජතුමාගේ මාලිගය අසල පොකුණක රාත්‍රීයට කෑගසන මැඩියකුගෙන් මහත් කරදරයක් වී තිබුණි.මැඩියා මැරීමට දක්ෂ විදුම් කරුවන්ටවත් නොහැකිවිය.මෙය දැනගත් අන්දරේ මැඩියාගේ ශබ්ධය අසා එ දෙසට විද මැඩියා මරා දැමීය.ඉන් පසු රජූ විසින් මොහුට ගම්වර හා සද්දවිද්ද පලඟපතිර වෙඩිකාරගේ විකට අන්දරේ යන නාමයද දී රජවාසලේ නිත්‍ය කවටයා වශයෙන් තනතුරක්ද ප්රදානය කල බව ජනප්රවාදයේ පැවත එයි.අන්දරේ පිළිබඳව පොත් පත් හා සිනමාපට නිර්මාණය වී ඇති නමුත් මා දන්නා තරමින් අන්තර්ජාලයේ අන්දරේ පිළිබඳ සැල කියයුතු තොරතුරක් නැත.මාගේ මේ ප්රයත්නය එ අඩුව සම්පූර්ණ කිරීම සඳහාය.
3 comments:
බොහොම අගෙයි...!
නාලන්දාවෙ පුස්තකාලෙදි කියවපු පොතක අන්දරේට දුන්නු නම්බු නාමය තිබුනෙ මෙහෙමයි. "සද්ද විද්ද පළඟපතිර නම්පටබැඳි අන්දරේ" කියලයි. පොත නම් මතක නෑ.
කොහොම වුනත් "අන්දරේ" නම් චරිතය ගැන කතා - ප්‍රවාද රාශියක් තියනව. සමහරුන්ගෙ මතය අනුව අන්දරේ කියන්නෙ රජවාසලේ කවටයට දී තිබුනු නිල නාමයයි. කෙසේ නමුත් රාජසිංහ රජතුමා හිනැස්සූ අන්දරේට තමයි අපි හැමෝම අන්දරේ කියන්නෙ. (එක් මතයක් පමණයි)
දිගටම ලියන්න... අපි කියවනවා... :)
andare jeewath u kala wakawanuva hrida?...........
ඔබගේ උත්සාහය අගය කරමි..
Post a Comment